නැවතත් ලන්ච් ෂීට් තහනම් කරන්න යයි.

0
146

NEWSNOW | –  ඉදිරියේදී ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසයි.

ඉදිරියේදී විකල්පයක් ලෙස ප්ලාස්ටික් නොවන ලන්ච් ෂීට් භාවිතයක් හඳුන්වා දීමට සූදානම් බව ඔහු කියා සිටියේය.

එමෙන්ම, ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස පළමු වැනිදා සිට නොමිලේ ලබාදිය නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නොදෙන ෂොපින් බෑග් ඇතුලු බහාලුම් මලු සඳහා පාරිභෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි.

එමෙන්ම 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10 (1) ආ 2 වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් මලු සඳහා අයකරනු ලබන මිල වෙළඳුන් විසින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.