NEWSNOW| – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනයේ පැවැත්වෙන අන්තර්ජාතික කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා ඊයේ (11) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එතුමිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පිටත්ව ගොස් තිබේ.
ඔවුන් ඊයේ රාත්‍රී 10.15 ට චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබුණි.