ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිලද ලක්ෂ 3 පනී.

0
2

NEWSNOW| –  ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ඊට හේතුව ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ ඩොලර් 4,000 සීමාව ඉක්මවා යාමය.

ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.

ඒ අනුව ඊයේ දිනයේ රු. 290,500ක්ව පැවති මෙරට කැරට් 22 රන් පවුමක මිල අද පෙරවරුව වනවිට රු 296,000 දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේ නමුත් අද දිනය තුළ අවස්ථා තුනකදී රන් මිල ඉහළගොස්, මේ වනවිට කොළඹ හෙට්ටිවීථිය වෙළඳපොළේ කැරට් 22 රන් පවුම රුපියල් 303,400 සීමාවට පැමිණ ඇත.

මේ අතර ඊයේ රුපියල් 314,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිල අද සවස වනවිට රුපියල් 328,000 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here