විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

0
122

NEWSNOW | – ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සියලු පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා සිට මහජන අදහස් ලබාගැනීම ආරම්භ වු අතර අද අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය මේ මස දෙවන සතියේ දී ප්‍රකාශය කිරීමට නියමිත බවය.