අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලිසියෙන් වෙඩි

0
19

NEWSNOW | – අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා ඇති බව වාර්තා වේ.

එම මෝටර් රථය නවත්වන ලෙස මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් සංඥා කර ඇති බවය.

එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සඳහන්ය.

නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් තිබේ.

මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්ය.

ඊට අදාළ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here