2024 වර්ෂය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නඩත්තු වියදම් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.
ඒ අනුව, 2024 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිර අට නඩත්තු කිරීම සඳහා රුපියල් 8කෝටි එක්ලක්ෂ 54,000 422 ක් වැය කර ඇති බව වාර්තා වේ.
මෙම තොරතුරු වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ විගණන වාර්තාවට ඇතුළත් කර ඇත.
ජනාධිපති මන්දිර යාපනය, අනුරාධපුර, මහනුවර, මහියංගනය, නුවරඑළිය, කතරගම, බෙන්තොට සහ කොළඹ යන නගරවල පිහිටා ඇත.
මෙම මන්දිර අට සඳහා ආරක්ෂක නිලධාරීන් 392 ක් සහ සිවිල් සේවකයින් 16 දෙනෙකු යොදවා ඇති බව සඳහන් වේ.