ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත ට්‍රම්ප් කරන දැනුම් දීමක්

0
5

NEWSNOW | –   හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිත බැවින් ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසායි.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය Truth Social ගිණුමේ සටහනක් තබමිනි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා පාලනය පලස්තීන තාක්ෂණික කණ්ඩායම් වෙත භාර දීම ඇතුළු කරුණු 20කින් යුත් එක්සත් ජනපද සාම සැලැස්මේ ඇතැම් කොටස් සඳහා හමාස් සංවිධානය එකඟ වීමෙන් අනතුරුව මෙම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත.

සාකච්ඡා ඉතා සාර්ථක බවත් පළමු අදියර මෙම සතියේම අවසන් කළ යුතු බවත් ඒ අනුව සියලු දෙනා ඉක්මනින් ඉදිරියට යන ලෙස තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා කණ්ඩායම් අද දිනයේදී ඊජිප්තුවේදී නැවත රැස්වී අවසාන තොරතුරු පැහැදිලි කර ගැනීමටද නියමිත බව විදෙස් වාර්තා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here