ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

0
190

NEWSNOW| –  අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 6.00 සිට හෙට (05) පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙන බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ.