අතිගරු ජනාධිපතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා කළ කතාව අගය කරමින් ජාතික ශුරා සභාව ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
එම ලිපිය පහත දැක්වේ.
අතිගරු අනුර කුමාර දිසානායක මහතා,
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 1.
අතිගරු ජනාධිපති තුමනි,
අතිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා කළ කතාව අගය කිරීමේ ප්‍රකාශය
ජාතික ෂුරා සභාව (NSC) වෙනුවෙන්, 2025 සැප්තැම්බර් 24 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයේදී ප්‍රධාන ගෝලීය සහ ජාතික කරුණු ආවරණය කරමින් ඔබ විසින් කරන ලද නිර්භීත සහ ප්‍රතිපත්තිගරුක දේශනය සඳහා අපගේ අවංක අගය කිරීම පිළිගන්න.
ගෝලීය ජනතාව සහ ඔවුන්ගේ නායකයින් අමතමින් ඔබ කළ කතාවේදී සඳහන් කළ කැපී පෙනෙන කරුණු අතර, සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් ධනාත්මකව පිළිගැනීමට ලක් කළ යුතු පහත සඳහන් කරුණු ඉස්මතු කිරීමට අපි කැමැත්තෙමු:
• දරිද්‍රතාවය: “අප මේ සමුළුවට රැස්ව සිටින මොහොතේත් මාද ඇතුළු මේ සෑම නියෝජිතයෙකුගේම රටවල්වල අඩු වැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටියි. ගෝලීය වශයෙන්, සෑම එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙක්ම සෑම රාත්‍රියකම කුසගින්නේ නින්දට යයි… තවද ලොව පුරා ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙක් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වේ”.
• මත්ද්‍රව්‍ය සහ අපරාධ: “මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත්, ව්‍යාකූලත්වයටත් පත් වන නවමතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කර තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම්,රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා. මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා”.
• අවි සහ යුද්ධ: “මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මිය යන ලෝකයක අපි බිලියන ගණන් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණනක් ජනතාව මරණයේ මාවත තෝරා ගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමැති පියාපත් ලැබිය නොහැකිව ලක්ෂ ගණනක් දරුවන් සුසුම් හෙළන විට භූමි ආක්‍රමණය කිරීමට මිලියන ගණනක් වියදම් කරනවා”.
• ගාසා හි ව්‍යසනය: “ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිර කඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. ගාසා තීරයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබේ… වහාම සටන් විරාමයක් හරහා යුද්ධය අවසන් කරන්න. ගාසා තීරයේ සිදුවෙමින් පවතින ව්‍යසනය ගැන අපි දැඩි ලෙස ශෝකයට පත්ව සිටිමු ”.
• පලස්තීන වැසියන්ට තමන්ගේම රාජ්‍යයට ඇති අයිතිය: “පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්වා. 1967 දේශසීමා මත,රාජ්‍ය දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය එක් විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළැඹ සිටිනවා”.
• ජාතිවාදය සහ අන්තවාදය: “මානව හිමිකම් සහ නිදහස ආරක්ෂා කිරීමේදී ජාතිවාදයට සහ ආගමික අන්තවාදයට විරුද්ධ වීමට අප අපගේ හෘද සාක්ෂියට අවදි විය යුතු බව මම විශ්වාස කරමි. වහල්භාවය ආහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත්, වර්ගවාදයේ විෂ තවමත් තැන තැන ඇති බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා”.
• සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම්: “ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි වූ ව්‍යවස්ථාදායකය විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් යුක්ත වුණා. අපගේ සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා සහතික කිරීමට අපි කැපවී සිටිමු”.
බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක් වන ශ්‍රී ලංකාවේ ස්වභාවය, බෙදීම වෙනුවට ශක්තියේ ප්‍රභවයක් ලෙස විවිධත්වය පිළිගන්නා බව ඔබතුමා පැහැදිලිව ප්‍රකාශ කිරීම අපි අගය කරමු. අපගේ ජාතියේ පොහොසත් ප්‍රජාවන්, විශ්වාසයන් සහ සම්ප්‍රදායන්, එකමුතුවෙන් කටයුතු කිරීම කෙරෙහි ඔබ දක්වන අවධාරණය, අපගේ ජාතික අනන්‍යතාවය නිර්වචනය කරන ඉවසීම, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකමුතුකමේ වටිනාකම් සඳහා බලවත් සාක්ෂියක් ලෙස ක්‍රියා කරයි. මෙම එකමුතුකම සහ සහජීවනය පිළිබඳ පණිවිඩය, අපගේ සමාජයේ විවිධත්වය නියෝජනය කරන අප වැනි සංවිධාන සමඟ විශේෂයෙන් දැඩි ලෙස අනුකූල වේ.
අපගේ සමාජයේ ව්‍යුහය මූලික වශයෙන් දුර්වල කරන සහ සමෘද්ධිය කරා අපගේ සාමූහික ප්‍රගතියට සැලකිය යුතු ලෙස බාධා කරන ද්‍රෝහී බලවේග ලෙස දරිද්‍රතාවයට සහ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි තීරණාත්මක සටන කෙරෙහි ඔබතුමාගේ සෘජු අවධාරණය වෙනුවෙන් අපි ඔබට ගෞරවනීය ලෙස ප්‍රශංසා කරමු.
පලස්තීනයේ සිදු කරන ඊශ්‍රායල ජන සංහාරය සහ පලස්තීන ජනතාව විඳදරාගත් බරපතල අසාධාරණකම් පිළිබඳ ඔබගේ නිර්භීත සඳහන, මානුෂීය වටිනාකම් සහ මානව ගරුත්වයේ පූජනීය ආරක්ෂාව සඳහා අපගේ ජාතියේ ස්ථිර කැපවීම පෙන්නුම් කරයි. ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය පිළිබඳව ඔබතුමාගේ හෘදයාංගම කනස්සල්ල ප්‍රකාශ කිරීම සහ වහාම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබතුමා කළ බලවත් ඉල්ලීම අප විශේෂයෙන් සංවේදී කළෙමු.
තවද, පලස්තීන ජනතාවට තමන්ගේම රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය පිළිගැනීමේදී සහ පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල ආරක්ෂක සහ මානුෂීය ගැටළු පිළිගැනීමේදී ඔබතුමාගේ සමබර ප්‍රවේශය අපි අගය කරමු.
ලොව පුරා කුරිරු පාලනයට එරෙහිව අධිෂ්ඨානශීලීව පෙනී සිටින සහ තිරසාර සාමය සහ විශ්වීය යුක්තිය වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිටින සැමට ඔබගේ චතුර වදන් අලුත් බලාපොරොත්තුවක් සහ දිරිගැන්වීමක් ලබා දී ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඔබතුමා ඉදිරිපත් කළ ආවේගෂිලි පණිවිඩය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ රටේ තත්ත්වය සහ කීර්තිය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ති
මෙයට විශ්වාසි,
Sgd
ජනාධිපති නීතිඥ එම් එම් සුහයිර් නීතිඥ රෂීඩ් එම් ඉම්තියාස්
සභාපති – ජාතික ෂූරා සභාව මහ ලේකම් – ජාතික ෂූරා සභාව