රියදුරු බලපත්‍ර අලුත් කිරීම අද සිට නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන්

0
144

NEWSNOW| –  රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කෙරෙන බව රජය පවසයි.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙය ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.