නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරෙන් තවත් හිමිනමක් අපවත් වෙයි

0
6

NEWSNOW| –   මැල්සිරිපුර,  නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තවත් හිමිනමක් ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

උන්වහන්සේ මිය යන විට කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියහ. මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව භික්ෂූන් වහන්සේලා අට දෙනෙකු දක්වා ඉහළ යයි.

මේ අතර, තවත් භික්ෂූන් වහන්සේලා පස් දෙනෙකු තවමත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබති.

 

එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.

අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.

ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here