තිදෙනෙකුට දිවි අහිමි කළ තවත් බිහිසුණු අනතුරක්

0
19

NEWSNOW | – කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

අද (25) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇත.

වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here