ඉස්ලාමයේ සාම භූමිකාව

0
22

NEWSNOEW | – ඊයේ (21) දිනයට යෙදුණු ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් ගෙන එන ලිපියකි.

සාමය යනු අප සියලු දෙනා අතර පවතින හා පැවතිය යුතු කරුණක් වන නමුත් එය සම්පූර්ණයෙන්ම අත්විඳීමේ හැකියාව ඇත්තේ ලොව ස්වල්ප දෙනෙකුට පමණි.

සාමය ස්වාභාවිකවම සිදුවන දෙයක් යැයි සිතීම පොදු මතයක් වන නමුත් මෙය වැරදි අදහසකි. සාමකාමී වීමට නම්, කෙනෙකු තම ජීවිතය තුලට සාමය ආරාධනා කළ යුතුය. වර්තමාන ලෝකය අවුල් සහගතය හා අනුන් විඳින දුක විෂයයෙහි අනවධානයයෙන් සිටින්නකි. මෙවන් ලෝකයක, සාමය නම් වැදගත් කාරනාව ප්‍රගුණ කිරීම සහ එය දෛනික ජීවන රටාවට ඒකාබද්ධ කිරීම අතිශයින්ම වැදගත් වේ.

ඉස්ලාමය යනු ජීවිතයේ සෑම ක්‍ෂේත්‍රයකම සාමය පැතිරවීමේ මූලධර්මය අවධාරණය කරන ධර්මයකි. එමඟින් කෙනෙකුට තම යහ පැවැත්ම ධනය සහ හමුවන සබඳතා සහ සමස්ත සතුට විෂයයෙහි සෑහීමට පත් විය හැකිය. ඉස්ලාමයෙහි සාමයේ කාර්යභාරය සහ එයින් අදහස් කරනු ලබන දෙය අප මඳක් විස්තර කරන්නට අදහස් කරමු.

සාමය සඳහා ඉස්ලාමය: එකමුතු බවේ දිව්‍යමය පණිවිඩය

‘ඉස්ලාම්’ යන අරාබි වචනයේ මුලාශ්‍රය ‘සලාම්’ වන අතර මෙහි අරුත සාමයයි. මෙය අහඹු දෙයක් නොව එයින්ම අභ්‍යන්තරව සහ බාහිරව සාමය ප්‍රවර්ධනය කිරීම සඳහාම ඉස්ලාමය ගොඩනගා ඇති බව පෙන්නුම් කරයි. සංහිඳියාව, සමාව දීම සහ කරුණාව දිරිමත් කරන වැකි ගණනාවක්ම කුර්ආනයේ තිබෙනු දැකිය හැකිය. ඉස්ලාමයේ ස්ථාවරය අනුව සාමය යනු ගැටුම් නොමැතිකම පමණක් නොව, තමාට සහ අන් අයට යුක්තිය ප්‍රවර්ධනය කරන යහපැවැත්මේ තත්වයක්, ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමේදී මුදු මොළොක් බව සහ අභ්‍යන්තර අධ්‍යාත්මික සන්සුන් බව ආදියද එය අවධාරණය කරයි.

පහත කුර්ආන් වැකිය බලන්න:

අල්ලාහ් ශාන්තියේ නිවස කරා ඔබව කැඳවන්නේය. තවද ඔහු සිතූ අය සෘජු මාර්ගය කරා ගෙන යන්නේය :කුර්ආනය 10:25)

මෙම වැකියෙන් සාමය මුල් කරගත් ජීවිතයකට සහ මරණින් මතු සදාකල් දිවියකට දෙවියන් වහන්සේ සෘජුවම ආරාධනය කරයි. ඉස්ලාමය යනු පුද්ගලික සැදැහෙවත් බව පමණක් දෙශන ධර්මයක් නොවේ, එය මුස්ලිම්වරුන් තම සමුහයා මෙන්ම සෙසු ආගමික ප්‍රජාව සමගද සුහදව අන්තර් ක්‍රියා කිරීම දේශනා කරන විශ්ව ගමන් මගකි.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්: සාමයේ ජීවමාන ස්වරූපය ඉස්ලාමයෙහි සාමයේ කාර්යභාරය සැබවින්ම තේරුම් ගැනීමට නම්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය හා ඉගැන්වීම් දෙසට යොමු විය යුතුය. ඔහුව කුර්ආනයේ දෙවිඳුන් කිහිප තැනකම ”රහ්මතන් ලිල් ආලමින්” යයි වර්ණනා කරන අතර මෙහි අදහස නබිතුමන් එවන ලද්දේිලෝකයාට දයාවක්’ ලෙසින් යනුවෙනි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මහත් කැලඹිලි සහ ගැටුම් සහිත කාලවකවානුවක සාමය දෙසීමේ අසීරු මෙහෙය භර ගත් කෙනෙකි. පලිගැනීම පවුල් සිරිතක් පැවති සමාජයක තමන්ට හිරිහැර කළ සතුරන්ට පවා එතුමන් ප්‍රතිචාර දැක්වුයේ දයාව, ඉවසීම, සමාව දීම සහ ගරු කිරීම මගිනි.

සාමය පිළිබඳ මුහම්මද් නබිතුමන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉගැන්වීම් සඳහා වන කදිම උදාහරණයක් වන්නේ හුදෙයිබියා ගිවිසුමයි. එසමයෙහි අයුක්තිය සහ විරුද්ධත්වයට මුස්ලිම්වරුන් මුහුණ දෙමින් සිටි අතර ලේ වැගිරීම් වැළැක්වීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මත, මුස්ලිම්වරුන්ට අවාසිදායක යැයි පෙනෙන කොන්දේසිවලට පවා මෙම ගිවිසුම සමයෙහි නබිතුමන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එකඟ වුහ. මෙම පියවර හුදෙක් උපාය මාර්ගයක් ලෙසින් පමණක් නොව, මූලධර්මයක් ලෙස සාමය සඳහා වන එතුමන්ගේ කැපවීම මනාව ප්‍රදර්ශනය කළේය. සාමයට හානි ඇති වීම වළක්වන්නට තම සාධාරණ අයිතිවාසිකමක් පවා අත් හැරීමට වුවද සත්‍ය විශ්වාසිකයන් පසුබට නොවිය යුතුය යන පාඩම මෙම සිද්ධිය ලබා දෙයි.

‘ශක්තිමත් පුද්ගලයා යනු අන් අය සමග හොඳින් සටන් කර දිනන්නා නොව තම කෝපය පාලනය කරන්නාය’ යයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් පැවසුහ.

සාමය පිළිබඳ ඉස්ලාමීය කියුම්

ඉස්ලාමීය ඉගැන්වීම් සෑම මට්ටමකදීම – පුද්ගලයන්, පවුල්, ප්‍රජාවන් සහ ජාතීන් අතර සාමය අවධාරණය කරයි. කුර්ආනය සහ නබිවදන් සන්සුන් බව, සමගිය සහ දයානුකම්පාව ප්‍රවර්ධනය කරන වැකිවලින් පිරී ඇත:

තවද දයාබරයාගේ ගැත්තන් කෙබන්දන්ද යත් ඔවුන් පොළොවෙහි යටහත්ව යන්නන් වන අතර අනුවණයන් (අනවශ්‍ය දේ ගැන) කථා කරන්නට පැමිණියහොත් දිශාන්තිය ඇති වේවා’ යැයි පවසා ඉවත් වෙති. කුර්ආනය 25:63)

එසේ නොමව ඔවුන් සාමය වෙත නැඹුරු වුවහොත් (ඕ මුහම්මද්) අල්ලාහ් මත (සියළු) කාර්යන් භාරකර ඔබද එය වෙත නැඹුරු වන්න :කුර්ආනය 8:61) 

තවද ඔබගේ මුහුණ මිනිසුන්ගෙන් හරවා නොගන්න. තවද පොළොවෙහි උඩඟුව ගමන් නොකරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අහංකාර වන හා ආඩම්බර වන කිසිම කෙනෙකුව ප්‍රිය නොකරයි :කුර්ආනය 31:18)

සාමය පිළිබඳ ඉස්ලාමීය උපුටා දැක්වීම් හුදෙක් වචන ලෙසින් නොතිබිය යුතු බවත්, ඒවා මුස්ලිම්වරුන් විසින් ක්‍රියාවට නැංවිය යුතු බවත් ඉහත වැකිය අවධාරණය කරයි. මෙම වැකි මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමයේ මිතුරන් වීමටත්, කෙණෙහිලිකම් හමුවේ පවා කරුණාව දැක්වීමටත්, සෑම අන්තර්ක්‍රියාවකදීම නිහතමානීව කටයුතු කරන මෙන්ය.
‘අල් වහ්හාබ්’ යනු අල්ලාහ්ට ඇති අස්මා උලු හුස්නා නම් වන අලංකාර වර්ණනා නාම 99 යෙන් එකකි. මෙහි අරුතිඋත්තරීතර දානපතියා’ යනුයි. මෙය පුළුල් ලෙස විග්‍රහ කරන විට,ිඅසීමිත ත්‍යාගශීලීවන්තයා’ ලෙසින් සඳහන් කළ හැකිය.

අල්ලාහ්ට ඇති තවත් වර්ණනා නාමයක් වනිඅල්-කාබිද්’ යන්නෙහි අරුතිසීමා කරන්නා’ යන්නයි. මෙය අර්ථ දක්වන විට, අල්ලාහ්ට සීමා කිරීමට, සහ රඳවා ගැනීමට හැකියාව ඇති බව පැහැදිලි වෙයි. එනම් තමන් කැමති ඕනෑම කෙනෙකුව ධනවත් කිරීමට හෝ දුප්පත් කිරීමට අල්ලාහ්ට හැකිය.
මෙම නාම දෙකම අපට අවධාරණය කරන්නේ මොහොතකින් මිනිසාගේ තත්වය වෙනස් විය හැකි බවයි. එබැවින් සාමකාමීව සහ ස්ථිරව සිටීමට ඇති හැකියාව ඉලක්ක කර ගනිමින් අපගේ ජීවිත හැඩ ලස්වා ගත යුතු යුතු බව මෙය අවධාරණය කරයි.
සාමය සහ ක්‍රියාවේ ධර්මය

ශ්‍රී ලංකාවද ඇතුලු ලොව පුරා රටවල් ගණනාවක සාමයේ සහ සහනයේ සේවයේ යෙදී සිටින මුස්ලිම් ඒඩ් සංවිධානයේ ප්‍රතිපත්ති මුල් බැස ඇත්තේ ඉස්ලාමයේ කේන්ද්‍රීය මුලධර්ම වන දයාව සහ අසරණ සත්කාරය මතය.

මේ අනුව විවිධ ආපදාවලින් පීඩාවට පත් ප්‍රදේශවල ජනයාට සහන සැලසීම, අනාථ දරුවන්ට සහාය වීම සහ අධ්‍යාපනය සඳහා මැදිහත් වීම වැනි මෙහෙවරවල අප සංවිධානය නියැලී සිටියි.
සාමය හරහා වඩා හොඳ ලොවක් බිහි කිරීම

සාමය නිතැතින්ම ඇති වන්නක් නොව එය ක්‍රියාශීලීව ලුහුබැඳිය යුතු සහ අත්පත් වුව විට කැපවීමෙන් ආරක්ෂා කළ යුතු දෙයකි. ඉස්ලාමය අවධාරණය කරන්නේ සාමය හදවතින් ආරම්භ වන අතර අප එය අන් අයට කරුණාවෙන් සැලකීම දක්වා විහිදිය යුතු බවයි. පීඩිතයන්ට සහ අවදානමට ලක්විය හැකි අයට සහාය වීම සහ විවිධ සංස්කෘතීන් සහ විශ්වාසයන් අතර අවබෝධය ඇති කිරීම එය අවධාරණය කරයි.

ගෝලීය පුරවැසියන් ලෙස, සාමය සඳහා ඉස්ලාමයේ දෙසුම් වෙත යොමු වීම ඉවසීම ප්‍රවර්ධනය කිරීමට වඩා වැඩි යමක් අපට ලබා දෙයි. මෙහි අරුත වන්නේ සාමයේ පාලම් ගොඩනැගීමට, බෙදීම් තුරන් කිරීමට සහ සැමට ආරක්ෂාව සහ බලාපොරොත්තුවේ අවකාශයන් නිර්මාණය කිරීමට ක්‍රියාශීලීව කටයුතු කළ යුතුය යන්නයි.

මුස්ලිම් ඒඩ් සංවිධානයෙහි අප මෙම මෙහෙවර ඉදිරියට ගෙන යන්නේ ඉස්ලාමයේ සදාතනික අගයක් ඇති ඉගැන්වීම් මගින් මඟ පෙන්වනු ලබන සාමය මගින් අර්බුදවලට විසඳුම් සෙවීම මගිනි. සාමය අතිශය වැදගත් දෙයක් බව වටහා ගන්නා ලොවක් බිහි කළ යුතු බව අපගේ අචල විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here