කොළඹ ප්‍රදේශ රැසකට පැය 09 ක ජල කප්පාදුවක්.

0
14

හෙට (18) දින උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 09 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ජල සම්පාදන මණ්ඩලයට අනුව, විදුලිය ඇණහිටීමක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙහිදී කොළඹ 01 සිට 15 දක්වා, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here