සමඟි ජනබල වේගය දැඩි තීරණයක් ගනී

0
1

NEWSNOW | – පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කරන, පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කරන පිරිස්වලට ඵරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය සුදානම් වෙයි.

එහි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙය තීරණය කළ බව විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

සමගි ජන බලවේගයේ යම් අඩුපාඩු තිබෙනවා නම් එය පක්ෂය තුළ සාකච්ඡා කළ යුතු බවත් පක්ෂයෙන් පිටත විවිධ තැන්වල ඒ ගැන ප්‍රකාශ නිකුත් කරමින් පක්‍ෂය විවේචනය කරන පක්ෂ සාමාජයකින් සිටිනවා නම් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට සිදුවන බවට පක්ෂ කෘත්‍යාධිකාරිය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

පක්ෂයේ යම්කිසි ගැටළුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩම් රැස්වීම, පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය, පක්ෂයේ කළමනාකරණ කමිටුව යන ස්ථානවල සාකච්ඡා කළ හැකි බවත් ඉන් පිටත සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ පක්ෂයේ විනය කඩකිරීමක් බවත් මේ නිසා ඒ ගැන පක්ෂයේ දැඩි අවධානය යොමුවන බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here