බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කරයි.

0
4

NEWSNOW | –  බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර ඇති බව රජය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේ 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාල චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවය.

බස් රථ අලංකරණය සදහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්’ශව වලින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවිකිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here