ඇල්ල ප්‍රදේශයේදී 15 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදුවූ අනතුරට හේතුවූ බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

0
180

NEWSNOW | – ඇල්ල – වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් පසුගියදා ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී ගියේ එම රථයේ තිරිංග ක්‍රියා නොකිරීම හේතුවෙනි. මෙහිදී 15 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි.