නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් පාසල් පද්ධතිය තුළට නව නිපැයුම් සමාජ 100ක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන අමතමිනි.
එමෙන්ම නව නිපැයුම්කරුවාගේ වටිනාකම අධ්‍යාපන සුදුසුකම්, උපාධිය හෝ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මත පදනම් නොවන බවත්, පවතින සමාජය වඩා යහපත් කිරීම වෙනුවෙන් නව නිපැයුම්කරුවා දක්වන දායකත්වය වඩා වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදී.
සමාජය පිළිබඳ හැඟීමක් හා සමාජය පිළිබඳ වගකීමක් ඇති , සහකම්පනයෙන් යුතු මානවවාදී නව නිපැයුම්කරුවන් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සහ ඔවුන් ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.