මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවයි

0
134

NEWSNOW | –  2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07) වන දින වනවිට 1,604,018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, සැප්තැම්බර මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ ඇති අතර එය 27.1%කි.

තවද, එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 335,766ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.

තවද, 2025 දී එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154,174ක් පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයින් 119,592ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.