ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක්

0
3

NEWSNOW| –   සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) හැකි විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ දැවැන්තම ඉලක්කය (ලකුණු 192) හිමිවුවත්, එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 18(17.2) වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට සමත් විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ යොවුන් ක්‍රීඩක 24 හැවිරිදි කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.

තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරග 5ක් පමණක් ක්‍රීඩාකර ඇති කමිල්, පරිණත පිතිකරුවෙකු ලෙස මෙහිදී සිය ඉනිම දියත් කළේ සිම්බාබ්වේ පන්දු යවන්නන්ට එරෙහිව අලංකාර හයේ පහර 2ක් හා හතරේ පහර 6ක්ද සිය ඉනිමට එක්කරමිණි.

මෙහිදී කමිල්ට අගනා සහායක් දුන් කුසල් ජනිත් ද නොදැවී ලකුණු 46ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක්ද පැවැත් වූ අතර, ඒ වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 63කට පමණි.

ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක (33) හා කුසල් මෙන්ඩිස්ද (30) ශ්‍රී ලංකා ඉනිම දිනවීමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් පවත්වමිණි.

හරාරේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ, පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ඉහළම විස්සයි20 ලකුණු සංඛ්‍යාව වූ අතර, ඊට පෙර ඔවුන් රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කර තිබීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here