TOPදේශීය පුවත් ගාසා යුද්ධය අවසන් කිරීමට ජනපති ට්‍රම්ප්ට මැදිහත් වන ලෙස ඉල්ලා ඊශ්රායලයේත් විරෝධතා By Newsnow Sinhala - September 7, 2025 0 108 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. එහිදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ යුද්ධය නවතා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙසයි. ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී මෙම දැවැන්ත විරෝධතාව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට හමුදා මූලස්ථානයෙන් පිටත පොදු චතුරශ්රයක විරෝධතාකරුවන් රැස්ව සිටිමින් ඊශ්‍රායල ධජ ඔසවමින් මෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූප සහති පුවරු අතතිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව තිබුණි. ගාසා නගරයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් තම ආදරණීයන්ට අනතුරක් සිදුවිය හැකි බවට ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බියට පත්වී තිබේ. ඒ අනුව දෙපාර්ශ්වයම නැවත සිය රටට ගෙන ඒමට හැකි පුළුල් ගිවිසුමකට එළැඹීමට එක්සත් ජනපදයට ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සඳහා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.