ජාතික මීලාද් – උන්-නබි ජාතික සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

0
11

NEWSNOW | – 2025 වසරේ මුහමිමද් නබි (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මවුලවිවරුන් සහ ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ අම්බලන්තොට මැලේ ජනපදයෙහි මස්ජිදුල් අරුසියා ජුමිමා මස්ජිද් භූමියේ හෙට(05) පස්වරු 2.30ටයි.

මේ සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනව් මහතා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆෙර් මහතා සහභාගී වෙති.

ඊට අමතරව තවත් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීවේ.

පවත්වනු ලබන මෙම උත්සවය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here