NEWSNOW| – උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී අනතුර සිදුව ඇති බවය.
ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා සියයකට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට තිබුණි.
අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව එරට වාර්තා සඳහන් කළේය.
එහිදී ගංගාවේ ගිලෙමින් සිටි කිහිප දෙනෙකු බේරා ගැනීමට බලධාරීන්ට හැකිව ඇති අතර අනතුරින් අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.