ගංවතුර තත්ත්වය නිසා උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මරණ 30ක්

0
5

NEWSNOW | – පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

354,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

එරට ගංගා සහ ජලාශ අවදානම් මට්ටමට පැමිණ සියලුම දිස්ත්‍රික්ක ගංවතුරෙන් පීඩාවට පත්ව ඇත.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෝසම් ධාරා සහ කැලඹීම් වැනි කාලගුණ පද්ධති අතර සිදුවන අන්තර්ක්‍රියා හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වන බවය.

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල විශාල පිරිසක් ඉවත් කර ඇති අතර, පීඩාවට පත් ජනතාව සඳහා නවාතැන් සහ අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සහන කඳවුරු විශාල සංඛ්‍යාවක් ආරම්භ කර තිබේ.

පන්ජාබ් මහ ඇමති භගවන්ත් මාන් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ 1988 වර්ෂයේ සිට මෙතෙක් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here