NEWSNOW | – කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට, රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර ( Scan Machine ) දෙකක් (02) දින දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම යන්ත්‍ර දෙක මගින් දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000 කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙන යාමට හැකි වන අතර ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාව ද උදා වී තිබේ.
ජර්මනියේ නිෂ්පාදිත මෙම පරිලෝකන යන්ත්‍ර මගින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු තුළ ඇති භාණ්ඩ වල ත්‍රිමාන දර්ශන ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
මෙම යන්ත්‍ර දෙක ව්‍යාපාරිකයන් සදහා වන ” රක්ත මාවත” ( Red Channel ) සහ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ආරම්භක ස්ථාන වල ස්ථාපිත කර තිබේ.
මෙම යන්ත්‍ර පළමු වරට ක්‍රියාත්මක කරන අවස්ථාවට අභිනව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැමිණ සහභාගී වී සිටියේය.
මේ හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීන් අනුමාන කරන අතර කුනාර් පළාතේ පිහිටි ගම්මානය ඇතිවූ භූකම්පනයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයිද ඔවුන් සඳහන් කර තිබේ.
කිලෝමීටර් 8ක් දක්වා ඇතිවූ මෙම භූ කම්පන තත්ත්වයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි සෙලවී ගොස් තිබුණි.
පවතින තත්ත්වය හේතුවෙන් එරට සුන්බුන් අතර සිරවී සිටින ජනතාවට මුදා ගැනීම සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තර සංවිධානවලින් එරට බලධාරීන් ඊයේ දිනයේදී ඉල්ලීමක් ද සිදුකර තිබුණි.