වරෙන්තු ලබා සිටින රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණෙයි

0
139

NEWSNOW | – වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ විභාගයට ගැනේ.

මේ අතර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.