NEWSNOW| – පුරප්පාඩුව පවතින කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තනතුර සඳහා දැනට පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්.එම්.එස්.පී.හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
එසේම එමඟින් පුරප්පාඩු වන පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තනතුර සඳහා දැනට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි වයි.අයි.එම්.සිල්වා මහතා පත් කිරීමට ද අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.