කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට

0
144

NEWSNOW | – මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් බව පොලීසිය පැවසුවේය.

ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.