1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යතුමා වෙත පැවරී ඇති බලතප ප්‍රකාරව දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද ( 27) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
ඔබ මේ සේවය ගරු සේවයක් වශයෙන් සැලකිය යුතුයි. ජනතාවගෙන් බැණුම් නොඅසන කිසිම සේවයක් මේ රටේ නැහැ. නාස්තිය වංචාව සහ දුෂණය ජනතාවගේ හැගීම්වලට සවන් නොදීම ඊට හේතුවයි. ඔබගේ ගෞරවණිය සේවය කොතරම් ගෞරවණිය ද යන්න සළකා බැලිය යුතුයි. මේ රජයට වගකීමක් තියෙනවා නැවත වතාවක් අධිකරණයේ විශ්වාසය ගොඩනගන්න, නීතිපතිවරයාගේ විශ්වාසය ගොඩනගන්න අමාත්‍යාංශවල විශ්වාසය ගොඩ නගන්න කැපවිමට සිදුවෙලා. ඔබ අද ලබන හදිසි මරණ පරීක්ෂණ තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් හා යුතුකමක් බව අවබෝධ කර ගත යුතුයි.
ඔබගේ සේවයට ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. තමන්ගේ කෙනෙක් මරණයට පත් වු පසු එම දේහය කඩිනමින් ලබා ගැනීම කම්පනයට පත්ව සිටින ඥාතීන්ගේ අරමුණ බැවින් ජනතාව හදිසි මරණ පරීක්ෂකවරුන්ට මුදල් ලබාදීම සිදු කරනවා. කෙනෙක් මරණයට පත්වු පසු ඔවුන්ගේ ඥාතීන් සිටින කම්පනය තේරුම් ගෙන කටයුතු කරන්න. හදිසි මරණයක් සිදු වු පසු ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබාගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඔබ එසේ නොකරන බව අප විශ්වාස කරනවා. තම ඥාතියෙකුගේ මරණයෙන් කම්පනයට පත් ජනතාව පත්ව සිටින තත්වය තේරුම් ගනිමින් සේවය ලබාදීම සිදු කළ යුතුයි. අවංක සමාජ සේවකයෙකු ලෙස කටයුතු කිරීම තුළින් ඔබගේ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගත හැකියි. අල්ලස් ගැනීමෙන් තොර හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. තමන්ගේ වෘත්තිය ගරුත්වය මෙන්ම අන් අයගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් කටයුතු කළ යුතුයි. හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ රට දේශපාලඥයින්ට අයිති රටක් නොවෙයි. මේ රට අයිති ජනතාවටයි. ඒ නිසා තම සේවය හැගීමෙන් සිදු කරන්න එවිට නිසි සේවාවක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිලාභයකින් තොර මහජන සේවය පිණිස මරණ පරීක්ෂකවරුන් කරනු ලබන සේවය අගය කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.