හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටත් ඇප

0
7

NEWSNOW | – 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස අද(27) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කරන ලදී.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබයි.

එමෙන්ම කැඳවීම් සිදු කරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතු වලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදු කරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේය .

මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටද නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here