කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට උණුසුම් තත්ත්වයක්

0
21

NEWSNOW | –  මේවන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වටා දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් පැමිණ දැඩි විරෝධතාවයක නිරතව සිටිති.

එම කැරලි මර්දන ඒකකය, පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ රැසක්ම කොම්පඤ්ඤවීදිය අවට ස්ථාන කිහිපයකම ස්ථානගතකර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් 1.00ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඉදිරියේදීයි.

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් 22 වැනිදාය.

හිටපු ජනපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

හිටපු ජනපතිවරයාව සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කරගනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here