රනිල් බලන්න සජිත් ඇතුළු පිරිස යයි

0
4

NEWSNOW| –  ඊයේ(22) රාත්‍රියේ ලබාදුන් අධාකරණ තීන්දුවත් සමඟ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ගොස් තිබේ.

අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

විශේෂයෙන් රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු දේශපාලඥයින් කිහිපදෙනෙකුම ඊයේ (22) රාත්‍රියේම නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි තිබුණි.

එලෙස පැමිණ තිබුණේ, හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසකි.

ඔවුන් බන්ධනාගාරය වෙත පැමිණිය ද ඉන් ඇතුළුවීමට අවසර නොලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here