NEWSNOW | – බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය දැනුම් දෙයි.
ඒ එම මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති නිසාය.නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසය.
විශේෂයෙන්,
මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක.
• රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
• කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස් සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජවර්ධනපුර මාර්ගයට පිවිසිය හැකි බව පොලීසිය පවසයි.