තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට

0
149

NEWSNOW | – ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අධිකරණය මඟහරිමින් සිටි ඔහු අද (19) අලුයම අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) පොලීසියට නියෝග කළේය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී තුසිත හල්ලොලුව මහතා අද අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.