මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී

0
5

ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබේ.

දුම්රිය පිලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී සිදුව ඇතිබව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here