NEWSNOW| – බස් අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් 22නෙකු තුවාල ලබා තිබේ.
එම අනතුර මොනරාගල වැලියාය ප්‍රදේශයේදී සිදුවූ අතර එහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ.
අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
අනතුරෙන් මියගිය රියදුරු දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.