ගැටළුකාරී අවස්ථාවන්වලදී සෘජුවම දැන් පොලිසියට තොරතුරු දෙන්න

0
5

NEWSNOW | – ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව සහ පොලිස් සේවය අවැසි ගැටළුකාරී අවස්ථාවන්වලදී සෘජුවම ඒ පිළිබඳව පොලිස්පති කාර්යාලය දැනුවත් කිරීමේ හැකියාව දැන් ඔබට ලැබී තිබේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අද (13) සිට 071-8598888 දරණ WhatsApp අංකය හඳුන්වා දී ඇත.

මෙමගින් ඔබට කෙටි පණිවිඩ, හඬපට, ඡායාරූප හා වීඩියෝ දර්ශන යොමුකිරීමට හැකියාව ඇති අතර ඇමතුමක් මගින් සම්බන්ධවිය නොහැක.

පොලිස් නිලධරයන්ටද සිය ගැටළු ඉදිරිපත්කිරීම සඳහා මෙන්ම තොරතුරක් ලබාදීම සඳහාද මෙය විවෘතය .

මෙම අංකය ඔබේ දුරකථනයේ රඳවාතබාගන්නා ලෙසත් පුද්ගලිකත්වය පිළිබඳ බියෙන් හා සැකයෙන් තොරව පොලිස් මූලස්ථානය දැනුවත් කළයුතු යැයි හැඟෙන ඕනෑම තොරතුරක් යොමුකිරීමට කටයුතුකරන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here