ජනපති සහ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක්

0
6

NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ(12) පස්වරුවේ පැවැත්විණ.

සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන එරික් වොල්ෂ් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබ පැතීය.

කැනඩාව යනු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මෙන්ම, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනයේදී සහ සංහිඳියා ක්‍රියාවලියේදී කැනඩාව ලබා දුන් සහාය අගය කළ අතර, තවදුරටත් එම සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here