නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විපක්‍ෂයෙන් විශ්වාස භංග යෝජනාවක්

0
45

NEWSNOW | – නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂ පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දෙයි.

එම යෝජනාව ඊයේ (11) කතානායකවරයාට භාර දීමට නියමිතව තිබූ නමුත් එය අද(12) ට කල් ගියේ කථානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ සිටි බැවිනි.

මේ අනුව අද දහවල් එම යෝජනාව කතානායකවරයා විසින් භාරගෙන තිබේ.