ඇමරිකානු තරුණ පරපුරේ සහය පලස්තීනයටයි

0
25

NEWSNOW  අතීතය හා සසඳන කල, ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන අමානුෂික ක්‍රියාමාර්ග විෂයයෙහි ඇමරිකානුවන්ගේ අනග්‍රහය සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. මෙනිසා ඊශ්‍රායලය හිතවාදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් පක්‍ෂයට ඇති ජනප්‍රියත්වය තවතවත් පහත වැටෙනු ඇති බවට සංඥා පළ වෙමින් තිබේ.

ලොව රටවලට අධික බදු පැනවීම ඇතුලු මෑත කාලීනව ට්‍රම්ප්ගේ අදුරදර්ශී පියවර නිසා එක්සත් ජනපදය විනාශ මුඛයට යමින් තිබෙන තත්වයක දැනටමත් ට්‍රම්ප්ට ඡන්දය ලබා දීම ගැන බහුතරයක් ඇමරිකානුවන් සිටින්නේ දැඩි කළකිරීමකිනි.

ගත වුනු සතියේ පවත්වන ලද මහජන මත විමසුමකින් හෙළි වී ඇත්තේ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් ප්‍රතිශතය 32 % ට පහළ වැටී ඇති බවයි. මෙය අතීතය හා ගත් කළ සැලකිය යුතු අඩ් වීමකි. ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන බව පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික්වරුන්ගෙන්ද  8% ක් පමණි. ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග අනුමත කරන බව පවසා ඇත්තේ නව පරපුරේ ඇමරිකානුවන් එනම් වයස 18-34 අතර අයගෙන් 9 % ක් පමණි.

මෙම මහජන මතයේ වෙනස එක්සත් ජනපදය් ප්‍රධාන පක්‍ෂ දෙක වන ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් යන දෙපාර්ශවයටම තීරණාත්මක ඇඟවුම් සිදු කරයි. ට්‍රම්ප්ගේ මේක් ඇමරිකා ග්‍රේට් එගේන් හෙවත් MAGA ව්‍යාපාරයේ ඇතැම් ප්‍රධාන පාර්ශවකරුවන් ඊශ්‍රායලයට දිගටම එක්සත් ජනපදය සහාය ලබා දීම නැණවත්දැයි ප්‍රශ්න කරන්නට ආරම්භ කර ඇති අතර, බහුතර මහජන මතය පලස්තීනයට සහයව පළවීම නොසලකා හැරීම 2026 සහ 2028 වසරවල පැවැතවීමට නියමිත මැතිවරණවලදී තමන්ට අවාසිදායක විය හැකි බව ඔවුන් පෙන්වා දෙති. විශේෂයෙන් ඊශ්‍රායල හිතවාදි බවක් දක්වන අපේක්‍ෂකයන්ට අරාබි – ඇමරිකානුවන් බහුලව වාසය කරන මිචිගන් වැනි ප්‍රාන්තවල ජය ප්‍රශ්නාර්තයක් වනු ඇත යැයි ඔවුන් අනතුරු අගවති.

මෙලෙසින් යුධ අපරාධ එළිපිටම සිදු කරන ඊශ්‍රායලයට ඇමරිකාව විසින් සහයෝගය දැක්වීම හෙළා දැකීම ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇත. ගාසා තීරයේ මානුෂීය අර්බුදය අවසන් කිරීමට ඊශ්‍රායලය පියවර නොගතහොත් පලස්තීනය තනා රාජ්‍යයක් හැටියට පිළිගන්නට එක්සත් රාජධානිය කටයුතු කරනු ඇතැයි එම රටේ නියෝජිතයා පසුගිය සතියේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ පැවසීය. මෙයට පෙර එවන් නිවේදනයක් ප්‍රංශය විසින්ද සිදු කරන ලදි. එක්සත් රාජධානිය සහ ප්‍රශංය වනාහි එක්සත් ජනපදයේ අඹ යහළුවන් බව නොකිව මනාය. ගතවුනු වසර 75 ක පමණ කාලයක් තුළ ඊශ්‍රායලය විසින් පලස්තීනයෙහි සිදු කළ සියලුම අමානුෂික ක්‍රියාවලට මෙම යුරෝපා රටවල් දෙක සම්පුර්ණ සහයෝගය දුන් බව මුළු ලොවම දන්නා කරුණකි. දැන් ඔවුන් පවා ඊශ්‍රායලයේ මිලේච්ඡ ක්‍රියා නිසා දැඩි ලෙස උරණ වී සිටිති.

මේ අතර ගාසාවෙහි ඊශ්‍රායලය සිදුකරන දරුණු යුධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් විෂයයෙහි බකං නිලාගෙන සිටින කුරිරු ආකල්පයෙන් එජා සංවිධානය මිදීමට දැන් හොඳටම කාලය යයි එජා සංවිධිධානය හා බැඳි මානුෂීය මෙහෙවර ආයතන ගණනාවක්ම මෙම සැහැසිකම් විෂයයෙහි ඇල්මැරුණු මානසිකත්වයක් දරන එජා සංවිධානයේ මුල් පෙළේ රටවලට මෑතක සිට දැඩි ලෙසින් බල කරමින් සිටිති. එජා සංවිධානයට අනුබද්ධ වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්රම් පෙන්වා දෙන ආකාරයට දින ගණනාවක්ම කිසිදු ආහාරයක් නොලබන ගාසා වැසියන්ගේ ප්‍රතිශතය 39 ක් පමණ වන අතර ලක්‍ෂ පනහක් සාගත තත්වයකට මුහුණ දෙමින් සිටින බව අනාවරණය වී ඇත.

මේ අතර මෙය ගැන අදහස් දැක්වු කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්‍ෂික සෙනේට් සභිකයෙකු වන බ්‍රැඩ් ෂර්මන් පැවසුවේ ගෝලීය මහජන මතය අතින් ඊශ්‍රායලය දරුණු ලෙස පරාජයට පත්වෙමින් සිටින බවයි. තමන් විසින් විනාශ කරනු ඇති සිවිල් ජීවිත සංඛ්‍යාව සහ තමන්ගේ යුධමය අරමුණු පැහැදිලිවම ඊශ්‍රායලය තීරණය කර ගත යුතුය යැයි කී ෂර්මන් ඊශ්‍රායලය සම්බන්ධ ජගත් ස්ථාවරය පළුදු කරන්නට අසීමිත සංඛාවලින් ගාසාවේ සිවිල් ජීවිත බිලි දෙන්නට හමාස් සුදානම්ව සිටින තත්වයක ඊශ්‍රායලය එම උපායට හසු වෙමින් සිටින බවද පෙන්වා දුන්නේය.

ගාසා වැසියන් සත්‍ය වශයෙන්ම සාගිනි උවදුරකට මුහුණ දෙමින් සිටින බව පිළිගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවා පැවසුවේ මා එය දෑසින්ම දුටුවෙමි. එය සත්‍යයකි. එවැන්නක් බොරුවට ඇගවීමට නොහැකිය’ යනුවෙනි. අපුරු ලෙසින් ගාසා වැසියන්ට අනුකම්පා කරන මානසිකත්වයක් ලබා ඇති ට්‍රම්ප් ගාසා වැසියන්ට මානුෂික සහය ලැබීමට බාධා නොකරන මෙන් ගජ මිතුරු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්හායුට බල කර ඇති නමුත් මිලේච්ඡ ගතිගුණවල ජීවමාන ස්වරූපයක් වන නෙතන්යාහු එයට අවනත නොවීම නිසා ට්‍රම්ප් දැන් ඔහු කෙරෙහි උරණ වී සිටින බව වාර්තා වෙයි.

මේ අතර ජෝර්ජියා ප්‍රාන්තය නියෝජනය කරන ට්‍රම්ප්ගේ පක්‍ෂයේ සෙනේට් සභිකාවක් වන මාජොරි ටෙයිලර් ග්‍රීන්ද ගාසාවෙහි නෙතන්යාහු සිදු කරන්නේ යුද්ධයක් නොව ජන සංහාරයක් යැයි වර්ණනා කළාය. 2024 ඔක්තෝම්බර් හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී සිදු කළ ඝාතණ මෙන්ම ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගෙන ගාසාවට පැමිණීම තමා හෙළා දකින අතරතුරම දැනට ඊශ්‍රායල හමුදාව ගාසාවේ සිවිල් වැසියන්ට එරෙහිව සාගතයක් නිර්මාණය කිරීම සහ එහි සිදු කරන සිවිල් මිනිස් ජීවිත විනාශයද තමා හෙළා දකින බව ග්‍රීන් පැවසුවාය. ඇය මෙසේ පැවසුවේ ඊශ්‍රායල ක්‍රියා අනුමත කරන දැඩි යුදෙව් අනුග්‍රාහකයෙකු වු සෙනේට් සභික රැන්ඩි ෆයින්ට පිළිතුරු දෙමිනි. ඊශ්‍රායලය ගාසාවෙහි සිදු කරන්නේ සමුළ ඝාතණයක්ය යයි පවසන්නන් එක්කෝ යුදෙව් විරෝධීන්ය නැත්නම් මෝඩයන්ය හෝ ඒ දෙකමය. ගාසාවෙහි සියලුම වැසියන් මරා දමන්නට ඊශ්‍රායලයට අවශ්‍ය වී තිබුනොත් එය මාස 18 කින් නොව දින දෙකකින්ම ඔවුන්ට අවසන් කරනන්ට තිබුනි. දහස් ගණන් ඊශ්‍රායල හමුදා භටයන් මරණයට පත්ව ඇත්තේ ගාසාවෙහි සිවිල් මරණ සංඛ්‍යාව අවම කරන්නට ඔවුන්ට අවශ්‍ය වු නිසාය’ යැයි සීඑන්එන් පුවත් ආයතනය සමග සිදු කළ සංවාදයකදි ෆයින් අපුරු තර්කයක් ඉදිරිපත් කර තිබුනි. එපමණක් නොව දැන් ගාසා සිවිල් මරණ ගැන හෝ සෙසු ලෝකයා තමන් ගැන කියන දේ ගැන නොතකා සහ තවදුරටත් ඊශ්‍රායල හමුදා භටයන්ගේ ජීවිත අවදානමේ නොදා කඩිනම් සුද්දයක් ගාසාවෙහි සිදු කළ යුතුය’ යැයිද ෆයින් වැඩිදුරටත් අවධාරණය කර තිබුනි.

මේ අතර අදහස් දැක්වු ට්‍රම්ප්ගේ මුලෝපා ප්‍රධානී ස්ටීව් බ්‍රැනන් කීවේ මාස කිහිපයකට පෙර මෙන් නොව දැන් මේක් ඇමරිකා ග්‍රේට් එගේන් හෙවත් MAGA ව්‍යාපාරය තුලද ඊශ්‍රායලය සඳහා වන අනුග්‍රහය හීන වෙමින් පවතින බවයි.

ඊශ්‍රායලයට ඩොලර් මිලියන 500 ක් වටිනා අවි ආයුධ සහ බෝම්බ සැපයීමේ යෝජනාවට පක්‍ෂව අත එසවු පෙන්සිල්වේනියා ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්‍ෂික සෙනේට් සභිකයෙකු වන සමර් ලීද අවධාරණ කළේ එම අවි ආයුධ භාවිත කරන අකාරය ගැන ඊශ්‍රායලයට කොන්දේසි පැනවීමේ වගකීම එක්සත් ජනපදයට ඇති බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here