පැය 24ක් තුළ ගාසා තීරයේ  39 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාර වලින් සහ කුස ගින්නෙන් මරුට

0
4

NEWSNOW| – පැය 24ක් තුළ ගාසා තීරයේ   ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන් 21 දෙනෙකු මානුෂීය ආධාර පතමින් සිටි අය සහ 11 දෙනෙකු කුසගින්නේ මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසයි.

2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව යුද්ධය දියත් කළ දා සිට, මන්දපෝෂණයෙන් මියගිය මුළු සංඛ්‍යාව 212 දක්වා ළඟා වී ඇත.

ඉන් 98 දෙනෙකු ළමුන් බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනසුරාදා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here