හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

0
49
Cropped view of teenage boy being handcuffed.

මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙය සොයාගන්නා ලදී.

සැකකරු වයස අවුරුදු 37ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.