වට්ස්ඇප් හරහා පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳ CIDය අනතුරු අඟවයි

0
112

NEWSNOW | – වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම වංචාකරුවන් විසින් පරිශීලිකයන් රවටා වට්ස්ඇප් OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්‍යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බව මෙම විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත්ව සිටින ලෙස පොලීසිය දැනුම් දීමක් කරයි.

කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසද පොලීසිය ජනතාවට වැඩිදුරටත් අවධාරණය කරයි.