දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයකට සූදානම්

0
10

NEWSNOW | –  දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් ගනිමිනි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව පවසයි.

සිය ගැටලු සම්බන්යෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබා දී නොමැතිවීම හේතුවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ද ඊයේ (28) දිනයේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here