සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මිදිගම සහන් අත් අඩංගුවට

0
9

NEWSNOW | – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් නොහොත් මිදිගම සහන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී, ඊයේ (28) රාත්‍රීයේදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි මොහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , මොහු මාතර සහ පානදුර පොලිස් බල ප්‍රදේශ තුළ මිනීමැරුම් , මංකොල්ලකෑම් විශාල ප්‍රමාණයක් සිදු කර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙකි.

එසේම මේ වනවිට අත් අඩංගුවේ සිටින හරක්කටාගේ ගෝලයෙකු වන අතර මිදිගම චූටි නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ද සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙකි.

මොහු 28 දින රාත්‍රී 06.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, මොහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා  කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here