NEWSNOW | – යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු හය වන දිනටත් ඊයේ (26) පැවැත්වුණි.
එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බපව කැනීම් නිලධාරීන් පවසයි. කැනීම් නිලධාරීන් පැවසුවේ සමූහ මිනීවළ තුළින් මේ වන විට මිනිස් සිරුරු ළ 101කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවයි.
මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස්ද ගොඩගෙන ඇත.
පසුගිය පෙබරවාරි මස 20 වැනි දින යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මෙම අස්ථි කොටස් සංවර්ධන කටයුතු සිදුකළ පිරිස විසින් දැක තිබුණි. පසුව ඔවුන් මේ සම්බන්ධව යාපනය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර පසුව යාපනය පොලීසිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදු කිරීමට නියෝගයක් ගනු ලැබීය.