ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයින් රැගත් බස්රථයක් ගිනි ගනී

0
17

NEWSNOW –   ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් 20ක් රැගත් බස් රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු  සඳහා ගමන් කරමින් සිටියදී මෙම ලාංකිකයන් පිරිස මෙම අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට ඇති අතර බස් රථය ගිනි ගැනීමේ දී එහි දොර අවහිරවීම මත එහි සිටි පිරිස එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇත.

අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ නොවන බව නිමල් බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here