තවත් සද්දන්තයෙක් යකඩ යකාට බිලි වෙයි

0
18

 

NEWSNOW | – කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ.

අද අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී මෙම අනතුරෙන් වනඅලියා මියගොස් ඇත.

මෙම වනඅලියා එම ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත් ඒ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් කටයුතු කළත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීහු චෝදනා කරති.

වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීන් පවසයි.

වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ වන වනඅලියෙකු මෙලෙස මිය ගොස් තිබේ.

May be an image of 10 people, elephant and text that says 'KO3 WhiteLoj White Loj HOLIDEY HOLIDEYRES HOL BY RES ក្និងហាច සහන HONOR X6b Tamuk'

May be an image of 2 people, elephant and text that says 'HONOR X6b'

මේ අතර බුත්තල මහ ගොඩයාය ප්‍රදේශයේදී ඊයේ (17) දින මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුව ඇත.

මෙම සත්ත්වයාගේ මරණයට හේතුවට තවමත් වාර්තා වී නොමැත. භාතිය තරමට අවධානය නැතත්, දළ නැතත්, දිනපතා තැන තැන මිය යන්නේ අපගේ වටිනා වනජීවී අලි සම්පතයි.

May be an image of elephant

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here