දුමින්ද දිසානායකට ඇප

0
10

NEWSNOW | – රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද(14) දිනයේ ඇප මත මුදාහරින ලදී.

ඒ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදීමත් සමඟය.

සැකකරු රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here