කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යයි

0
43

NEWSNOW| – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව වාර්තාවේ.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වූ බවයි.ඛ

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිතය.